නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකගේ නිරීක්ෂණයට

ජූලි 16, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

    ඒ අනුව අදාළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් නිවෙස් රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    ඒ අතර අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස ද පරීක්ෂාවට ලක්කර තිබේ.

    මීට අමතරව සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් සහල් මලු තුළට මත්ද්‍රව්‍ය‍ ඇසුරුම් කළ බව කියන ස්ථානය ද රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව සඳහන් වේ.

    Latest News