අදයි හෙටයි ආරක්ෂක අංශ නිලධාරීන්ට

ජූලි 16, 2020

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ 4 වැනි දිනය අදයි.

    අද සහ හෙට යන දෙදින ආරක්ෂක අංශවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව උදාවේ.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අදාළ දිනවල තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සළසා ඇති බවයි.

    මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව 70 5,085 ක්.

    මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනි දින පැවැත්වේ.

    Latest News