මහ බැංකු මුදල් මණ්ඩලයට අලුත් සාමාජිකයින් තිදෙනෙක්

ජූලි 16, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.

    එලෙස පත් කර ඇත්තේ්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රානී ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පසුගිය පෙබරවාරි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද ජූනි 26 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ද මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

    Latest News