අනුරාධපුරය වවුනියාව අතර කොටස මාස 4 කට වැසේ

ජූලි 19, 2020

    උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය වවුනියාව අතර කොටස ලබන වසරේදී මාස හතරක කාලයක් වසා දමා අලුත්වැඩියා කිරීමට මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර කරයි.

    යාපනය – වවුනියාව දුම්රිය මාර්ග කොටස් අලුත්වැඩියා කළ ආකාරයට රජයේ ප්‍රතිපාදන මත මෙම දුම්රිය මාර්ග කොටස ද අලුත්වැඩියා කෙරේ.

    ඒ සඳහා ටොන් එක් ලක්ෂ හැටහය දහසක රේල් පීලි මෙරටට ආනයනය කර තිබේ.

    කැට ගල් ලබා ගැනීම සඳහා ගල් කොරි 15ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News