වයස අවු.7 යි කොටි දේනුවක් නාවලපිටියෙන් අහිමි වෙයි

ජූලි 20, 2020

    පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇත.

    නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කර තිබේ.

    Last modified on සදුදා, 20 ජූලි 2020 19:53

    Latest News