කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීමේ කමිටු අතුරු වාර්තාවක් අගමැතිතුමාට

ජූලි 21, 2020

    දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ අතුරු වාර්තාවක් අද අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ.

    කමිටු සාමාජික පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහතා සඳහන් කළේ, අතුරු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවයි.

    කමිටුව පසුගිය සෙනෙසුරාදා ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළේය.

    කුරුණෑගල , බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, මොණරාගල, බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

    Latest News