ණය ලබාදෙන්නේ, කොවිඩ් 19 වසංගතය හේතුවේ බලපෑමට ලක්වූ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහායි. ණය අයදුම්පත් ලබන අගෝස්තු 31 වැනි දිනට පෙර අදාළ බැංකුවලට බාරදිය හැකි බව මහ බැංකුව පවසයි.
කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර දෙක සහ තුන යටතේ මෙම ණය අනුමත කර තිබේ. ඒ, බලපත්‍රලාභී වාණිජ බැංකු එවන ලද ණය අයදුම්පත් 3985ක් සඳහායි. ඊයේ වනවිට මහ බැංකුව අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291ක්. එම කාලය තුළ අනුමත කරන ලද ණය ප්‍රමාණය රුපියල් මිලියන 72,079ක් බව මහ බැංකුව පවසයි. ඊයේ වනවිට වාණිජ බැංකු විසින් දිවයින පුරා ප්‍රතිලාභීන් 18,007ක් සඳහා මුදාහැර ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 45,777ක්.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය ලබාදේ. ඊට මාස 6ක සහන කාලයක් ද ඇතුලත්. මාස 24ක් දක්වා ණය ආපසු ගෙවිය හැක. ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා මහ බැංකුව හා රජය එක්ව මෙම ණය පහසුකම හඳුන්වා දෙනු ලැබීය.