මීට සමගාමීව නව ලොතරැයියක් වෙළෙඳ පොළට හඳුන්වාදීම ද ඊයේ සිදු කෙරිණ. උත්සවය පැවැත්වුණේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ලොතරැයිය නම් කර තිබෙන්නේ, ජනාභිෂේක ස්වර්ණ ජයන්තිය ලෙසයි.
ලොතරැයි දිනුම් ඇදීම් ප්‍රතිඵල තොරතුරු දැනගැනීමට නව ජංගම දුරකතන මෘදුකාංගයක් ද එළිදැක්විණ. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සන්නාමය සහිත නව ටී ෂර්ට් එකක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණ. පැරණිතම ලොතරැයි නියෝජිතයෙකුට උපහාර පිරිනැමීම සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.