රජයේ පාසල්වල ශ්‍රේණි 3ක් හෙට ඇරඹේ

ජූලි 26, 2020

    රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට (27) සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බවයි, එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

    ඔවුන් විසින් එම කාලය තුළ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පාසල් තුළ මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

    Latest News