අදියර දෙකක් යටතේ උතුරු දුම්රිය මාර්ගය වැසේ

ජූලි 27, 2020

    ලබන වසරේදී අදියර දෙකක් යටතේ මාස 12ක් පමණ කාලයක් උතුරු දුම්රිය මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසයි.

    අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වසරේ පළමු මාස හයක කාලයක් වැය වනු ඇතැයි ද හෙතෙම කීවේය.

    දෙවැනි අදියර යටතේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ද මාස හයක් ගතවනු ඇතැයි පැවසේ.

    එම කාලය තුළ විශේෂ බස් සේවාවක් මහව සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුර සිය වව්නියාව දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිති.

    පසුගියදා මේ සම්බන්ධව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේදී විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡාවක් පැවති අතර දුම්රිය මාර්ගය දශක ගණනාවකින් අලුත්වැඩියා කර නොමැති බව නිලධාරීන් විසින් ඇමැතිවරයාට පෙන්වා දුන්නේය.

     

    Latest News