ඩෙබිඩ් කාඩ්පත් මූල්‍ය වංචාවක්

ජූලි 27, 2020

    මෙරට බැංකු විසින් නිකුත් කර ඇති ඩෙබිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මූල්‍ය වංචාවක් අනාවරණ කර ගෙන තිබේ.

    විමර්ශන කණ්ඩායම් පැවසුවේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදාළ වංචාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

    සිය ඩෙබිඩ් කාඩ්පත් සඳහා අදාළ සමාගම් විසින් ලබාදුන් සහන මුදලක් එලෙස වංචාකර ඇතැයි, මෙතෙක් කරන ලද විමර්ශන වලින් හෙළි වූ බව විමර්ශන කණ්ඩායම් පවසයි.

    එම කණ්ඩායම් පවසන්නේ, ඉන් මෙරට බැංකු වෙත විශාල මූල්‍ය පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

    එහෙත් අදාළ වංචාව කල්තියා දැනගැනීමත් සමග ඊට මැදිහත්වීම හමුවේ එම වංචාව නතර කිරීමට හැකි වූ බව ද විමර්ශන කණ්ඩායම් සඳහන් කළේය.

    කෙසේ වෙතත් වංචා කළ අදාළ මුදල් වලින් කොටසක් දැනටමත් අදාළ සමාගම් වලින් අයකර ගැනීමට හැකිව ඇති අතර සෙසු මුදල් ද කඩිනමින් අයකර ගැනීමට අපේක්ෂා කරන බව ද විමර්ශන කණ්ඩායම් පවසයි.

    අදාළ වංචාව සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News