නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනි වික්රමසිංහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.
පෙත්සම්කාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්රනාන්දු යන මහත්වරු අධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්රතිශෝධන පෙත්සම මගින් සඳහන් කර තිබුණේ රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.
එම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තුන් දෙනා විසින් ලබාදුන් ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතා ප්රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරිය තීන්දු කළ බව පෙත්සම්කරුවන් පවසයි.
මහාධිකරණ විනිසුරුවරියගේ මෙම තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එබැවින් එම තීරණය අවලංගු කොට තමන්ව මෙම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.