එහි සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළේය. පෙරහැර ආරම්භ කෙරුණේ, පස්වරු 6.37ට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මුනු පෙරහැර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරය කළේය. පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය ඔස්සේ, ඩී.එස්.සේනානායක වීදියට පැමිණ, රජවීදිය ඔස්සේ ගමන් කොට යළි දළඳා මාලිගාවට ගෙවදුණහ. සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ඉන්දි රාජා හස්තියා විසින්. බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ගමන් කළේය.
අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී 8.15 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජිවීව විකාශ කිරීමට නියමිතයි.
මහනුවර ඇසළ මහා පෙරහැරේ ගමන් ගන්නා අලි-ඇතුන් සඳහා තෛලමය සත්කාරය ඊයේ විෂ්ණු දේවාල භූමියේ දී සිදු කෙරිණ. ඒ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන්.