අගමැති හෙට දිවුරුම්දීම කැලණියේදී

අගෝ 08, 2020

    නව වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට දිවුරුම් දීමට නියමිතයි.

    උත්සවය පැවැත්වෙන්නේ, කැලණිය ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී. දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් පන් ලක්ෂ 27,364ක්. ඒ අනූව, මහින්ද රාජපක්ෂ මහතා හෙට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ, සිව්වැනි වරටයි.

    Last modified on සෙනසුරාදා, 08 අගෝස්තු 2020 11:46

    Latest News