අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණන මේ වන විට තීරණය කර නොමැති බවත්, එය ජනාධිපතිතුමා විසින් ගනු ලබන තීරණයක් බවත් ඔහු කියා සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකවරුන්ගේ හමුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා මහතා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය හෙට දිනයේ දිවුරුම්දෙනු ඇති බවත් එය 15 දෙනෙකුට පමණ සීමාවිය හැකි බවයි.