හවුල්කාර පක්ෂ සමග එක්වූ විට මන්ත්‍රී ධුර 150කට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කළ හැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් විශිෂ්ට ජයග්රහණයෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේ දී ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම ජයග්‍රහණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ජනතාව ලබාදුන් වරමක් බව ද ජී.එල්.පීරිස් මහතා කියා සිටියේය.