ඇළහැර මාර්ග සංවර්ධනයට රු. කෝටි 14කට අධික මුදලක්

අගෝ 16, 2020

    ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ මාර්ග 2ක් කාපට් අතුරා සංවර්ධනය ඊයේ ආරම්භ කෙරිණ.

    රුපියල් කෝටි 14කට අධික මුදලක් ඊට වෙන්කර තිබේ. මේ යටතේ දියබෙදුම, කටුකැලියාව මාර්ගය හා බකමූණ-හීරටීය මාර්ගය ඇතුළු කිලෝමීටර 5කට අධික මාර්ග කොටසක් සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    වසර 15කට අධික කාලයක් පුරා අබලන්ව පැවති මේ මාර්ග සංවර්ධනය කිරීමෙන් ප්‍ර දේශයේ ගොවි ජනතාවට විශාල පිටිවහලක් සැලසේ. ඔවුන්ට සිය වගා අස්වනු නගරය වෙත කඩිනමින් ගෙන යාමට හැකිවීම හිමිවන විශාලතම ප්‍රතිලාභයක්. දුෂ්කර මාර්ග සංවර්ධනයට පියවර ගැනීම පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කරයි.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:40

    Latest News