විනිසුරුවරු 4කට ජනපති නිර්දේශයට අනුමැතිය

ජන 07, 2019

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ඇතිවන පුරප්පාඩුව සඳහා ජනාධිපතිතුමා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. 

    එමෙන්ම, පුරප්පාඩු වී පවතින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධුරයක් සඳහා ජනාධිපතිතුමා විසින් මීට පෙර නිර්දේශ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයක් ද අද දිනයේ දී යළි තහවුරු කරනු ලැබීය. 

    ඒ අනූව, ජනාධිපතිතුමාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර තුනක් සහ අභියාචනාධිකරණයට එක් විනිසුරු ධුරයක් සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිතයි. 

     

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 19:18

    Latest News