තෙල් සංස්ථා සිද්ධිය: පොහොට්ටු මන්ත්‍රී රිමන්ඩ් (විඩියෝ)

ජන 07, 2019
  • ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයේ සිද්ධියට අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී කේ. ජී. කුලතිස්ස අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

     පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවී කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

    කොළඹ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙක් වන කපුගීකියනගේ කුලතිස්ස ඊයේ (06) රාත්‍රී කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ අනුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කෙරිණ. 

    සිද්ධිය සිදුවූ දින ගැටුම්කකාරි තත්වයක් නිර්මාණය වීමට මූලිකව බලපා ඇත්තේ කුලතිස්ස ගීකියනගේ ක්‍රියාකාරකම් බව කොළඹ අපරාද කොට්ඨාසයට අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකාර මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, සැකකරු අවිආයුද සහිත පිරිසක් සමග සංස්ථාවේ පරිශ්‍රයට ඇතුළු වීම හා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීම CCTV දර්ශනවල පැහැදිලිව දකින්නට ලැබුණු බවයි. එදින කලහකාරී ලෙස හැසිරුනු තවත් කිහිප දෙනෙක් හඳුනාගෙන ඇති බව කොළඹ අපරාද කොට්ඨාසයේ නිළධාරීන් අධිකරණයට දැනුම් අතර ඔවුන් වහාම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කලේය.

    ඔක්තෝබර් 28 දා අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට සිය අමාත්‍යාංශයට ඇතුළුවීමේ දී පිරිසක් ඊට විරෝධය පළ කරමින්, නොසන්සුන්කාරී තත්වයක් ඇති කරන ලදී. එම අවස්තාවේ අමාත්‍යංශ පරිශ්‍රයට අනවසරයෙන් අතුළු වූ මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අමාත්‍ය ආරක්ෂයකයන්ට පහර දී අමාත්‍යවරයාට ද හිරිහැර කිරීමේ උත්සාහයක නිරත විය.

    එම ගැටුමේ දී වු වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබිය.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 18:29

    Latest News