ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2020 (වීඩියෝ)

අගෝ 20, 2020
  • ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2020 ඊයේ (19) කොළඹ දී පැවැත්විණ.

    මෙවර එය පැවැත්වුනේ සිව්වැනි වරටයි. ලොව පුරා ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස ගෞරවයට පාත්‍ර වූ ඡායාරූප ශිල්පයේ නිරත වන ශ්‍රී ලාංකිකයන්ට රාජ්‍ය ගෞරව පිරිනැමීමෙන් ඔවුන් දිරිමත් කිරීම උළෙලේ ප්‍රමුඛ අරමුණයි.

    මෙවර වාර්ෂික තේමාව වන කොවිඩ් 19 සමඟ ජන ජිවිතය තේමාව යටතේ, පැවති ඡායාරූප අංශයේ ප්‍රථම ස්ථානය නුවන් සමාධි හිමිකර ගත්තේය. දෙවැනි ස්ථානය ජයනාත් ඉලංගකෝන්, තෙවැනි ස්ථානය, සාලිය කුමාර ජයසේකර හිමිකර ගත්තේය. විවෘත අංශයේ ප්‍රථම ස්ථානය සුදානන්ත් කේතීෂ්වරනාදන්ට හිමිවිය. දෙවැනි ස්ථානය එම්.කේ.ඩී. ප්‍රියන්ත. තෙවැනි ස්ථානය එන්. සුභාෂන කොස්තාට හිමිවිය. කුසලතා සහතික පිරිනැමීම ද මෙහිදි සිදුවිය. ජාතික මෙන්ම, ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ මෙන්ම, ඡායාරූපකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨයෙකු වන ගුණදාස හෙට්ටිආරච්චි මහතා වෙත ඡායාරූපාභිමානි ගෞරව සම්මානය පිරිනැමිණ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතායි.

    රූපාවලෝකන ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. රූපාවලෝකන වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා තෝරාගත් ඡායාරූප සියල්ල දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවේ. රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති ප්‍රසන්න හෙන්නායක, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 19:01

    Latest News