‍කොවිඩ්-19; 2760ක් පූර්ණ සුවය ලබා අවසන්

අගෝ 20, 2020

    අද වනවිට කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයින් 131 දෙනෙකු පමණක් මෙරටින් වාර්තා වේ.

    ඔවුන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඊයේ කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැත. රෝගය වැළඳුණු 2,760 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 95.10ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන, 131 දෙනා ප්‍රතිශතයක් ලෙස ගත්විට එය 4.51ක්.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙතෙක් හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 629ක්. ඉන් 570 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 90.62ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, 59 දෙනෙකු පමණක් වන අතර, ඔවුන්ගේ ප්‍රතිශතය 9.37ක්.

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 31,134 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 44ක් තුළ තවදුරටත් නිරෝධායන වෙමින් සිටින සංඛ්‍යාව 5,944ක්.

    මෙරට තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 95,025 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ සිදු කළ පීසීආර් පරීක්‍ෂණ 1,680ත් සමඟින්.

    මෙරටට පැමිණිමට නොහැකිව, ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290ක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය. පැමිණි පිරිස ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    කුවේට්හි රැඳී සිටි 164 දෙනෙක් ද, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අද උදේ මෙරටට පැමිණියේය. ඔවුන් ද ගුවන්තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    ඩුබායි හි රැඳී සිටි පිරිසක් ද අද උදේ මෙරටට පැමිණියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින්. එහි පැමිණි පිරිස 287ක්. එම පිරිස ද, ගුවන්තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

    Latest News