ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

අගෝ 22, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

    ඒ පිලිබඳ පැවති විවාදයේ දී පක්‍ෂ-විපක්‍ෂ ජනතා නියෝජිතයින් දැක්වූ අදහස්.

    සජිත් ප්‍රේමදාස මහතා - විපක්‍ෂ නායක

    “අතිගරු ජනාධිපතිතුමා කරපු කතාවේ මුද්‍රණයේ තියෙනවා 50,000යි කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා 60,000යි කියලා. පරස්පරයක් තියෙනවා. මොකක්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    දිනේෂ් ගුණවර්ධන - විදේශ අමාත්‍ය

    “විරුද්ධ පක්‍ යේ නායකතුමා සහ හිටපු ආණ්ඩුවට මේ දහස් ගණනකට කිසි කෙනෙකුට උදව් වෙන්න බැරිවුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිහිටුවන්න ජනාධිපතිතුමාට දුන්න වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්නා සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක, පරාජයට පත්වුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්‍ෂේප කරලා ඉවරයි“ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ෂෙහාන් සේමසිංහ මහතා....

    “ඒ කාලේ රැකියා ලබාදුන්නේ උසනම් සිකුයුරිටි, මිටි නම් කම්කරු පදනම මත. රැකියා ලබාදීමේ දී විශේෂයෙන්ම උපාධිධාරීන්ට සුදුසුකම් බවට පත්වුණේ තමන් ලබාගත් උපාධිය නෙමෙයි, සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ කාර්යාල දැම්මනම් එතුමාගේ මැතිවරණවලදී කැන්වසින් ගියානම්, ඒක තමයි පසුගිය ආණ්ඩුවේ උපාධිධාරින්ට රැකියා ලැබීමේ සුදුසුකම වුණේ“ යැයි ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    හරීන් ප්‍රනාන්දු - පා.ම.

    “මැටි කර්මාන්තයට ඒ වගේම පිත්තල, බතික්, වේවැල් කර්මාන්තයට දාපු ඒවා හොඳයි. මැටි, මැටි විදියටම ඇරියට හරියන්නේ නැහැනේ. මැටි, වේවැල්, බතික්වලට මොකක්ද තියෙන වැඩපිළිවෙළ“ යැයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    Latest News