කොවිඩ්-19; 2789ක් පූර්ණ සුවය ලබයි

අගෝ 22, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2789 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා අවසන්.

    තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 141 දෙනෙකු පමණක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 23 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් 18 දෙනෙකුම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින්. තවත් දෙදෙනෙකු පැමිණ ඇත්තේ, ඉන්දියාවේ චෙන්නායි නුවර සිට. අනෙක් තිදෙනා පැමිණ ඇත්තේ, ඉන්දුනිසියාවේ කුවේට් රාජ්‍යය සහ තුර්කියේ සිටයි.

    වාර්තා වූ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගෙන් 2,789 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එම ප්‍රතිශතය 94.83ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, 141 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 4.79ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙතෙක් හඳුනා ගැනුණු රෝගීන්ගේ සංඛ්‍යාව 629ක්. ඔවුන්ගේ 589 දෙනෙකුම සුවය ලබා අවසන්. ප්‍රතිශතයක් ලෙස ගත්විය එය 93.64ක්. රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ, තවත් 40 දෙනෙකු පමණක් වන අතර, එම ප්‍රතිශතය 6.35ක්.

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 31,173 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 48ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 48ක්. මෙරට තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව දෙලක්‍ෂ 2907ක්. ඊයේ දිනය තුළ පීසීආර් පරීක්‍ෂණ 2,759ක් සිදු කෙරිණ.

    මෙරටට පැමිණීමට නොහැකිව දෝහාකටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උදේ පැමිණියේය. එම පිරිසට 290 දෙනෙකු අයත්. සියලු දෙනාම ගුවන් තොටුපලේදී පීසිආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ. 

    ඉන්දියාවේ සිට 15 දෙනෙකු ද අද උදේ පැමිණියේය. එම පිරිස ද පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Latest News