සිංහ රෙජිමේන්තුවේ 28 වැනි රණවිරු සැමරුම් උත්සවය අද (වීඩියෝ)

අගෝ 22, 2020
  • ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ 28 වැනි රණවිරු සැමරුම් උත්සවය අද පැවැත්විණ.

    ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ, අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී. සිංහ රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවි පිදූ යුද හමුදා නිලධාරීන් 144 දෙනෙකු සහ සෙසු නිලයන් 3,720 දෙනෙකු සිහිකර සැමරුම් උත්සවය පැවැත්විණ.

    ක්‍රියාන්විත රාජකාරියේ දී දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් මෙන්ම, යුද හමුදා නිලධාරීන් රැසක් ද මෙම රණවිරු සැමරුමට සහභාගි වූහ. කොරෝනා වසංගතය හේතුවෙන් උත්සවය චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:08

    Latest News