ළමා අපචාර මැඩලීමට විශේෂ අධිකරණයක් (වීඩියෝ)

අගෝ 22, 2020
  • ළමා අපචාර මැඩලීම සම්බන්ධයෙන් අධිකරණයක් පිහිටුවීම කෙරෙහි අවධානයක් යොමුව ඇතැයි, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී “දරුවන් සුරකිමු“ මැයෙන් සංවිධාන කළ පහන් පූජාවකට එක්වෙමින්. එය සංවිධාන කළේ, කාන්තා සවිය හා “අර්බන් සිටිසන්“ සංවිධානයයි. දරු පරපුර ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යහපත් පරිසරයක් ගොඩනැගීම සඳහා සක්‍රීය දායකත්වය ලබාගැනීම වැඩසටහනේ අරමුණයි.

    වර්තමානයේ දරු පරපුර අනාරක්‍ෂිතව දූෂණය, හිංසනයට මෙන්ම අපහරණයට ද ලක්වෙමින් පවතී. එම තත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීම ද තවත් අරමුණක්. ඒ වෙනුවෙන් දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කාන්තා සවිය සංවිධානය පියවර ගෙන තිබේ. පහන් පිංකම පැවැත්වුණේ, ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මැති-ඇමතිවරුන් රැසක් ද එම අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:09

    Latest News