ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ දී අද (22) පැවති සාකච්ජාවකදී.
රැකියා උත්පාදනය, ආදායම් වැඩිවීම, අපනයනය වැඩිවීම වැනි ආර්ථික හා සමාජ සංවර්ධන දර්ශකවලින් සමන්විත දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවට, මෙහිදී අවධානය යොමු කෙරිණ. එහිදී නිවැරදි දත්ත හා තොරතුරු එක් ස්ථානයකට ඒකරාශීවීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබීය.
මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්ද හිමි නාම ලේඛනය පොදු දේපළක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි පවතින නීතිමය ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කරුණු පෙන්වා දුන්නේය.
කෘෂිකර්මය, ධීවර, සංචාරක කර්මාන්තය, අපනයන ප්‍රවර්ධනය, දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ප්‍රාග්ධන යෙදවුම, දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබාදීම ඇතුළු ක්ෂෙත්ර ගණනාවක පවතින පරිපාලනමය ගැටලු විසඳීමේ අවශ්‍යතාව කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ.
පවතින තත්වය හමුවේ අපනයන ක්ෂේත්රය වැඩි දියුණි කිරීම සඳහා හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඔස්සේ විදේශීය ආයෝජන අවස්ථා ලබා ගැනීමට ක්‍රියා කරයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආයෝජකයින්ට පහසුකම් සලසන ව්‍යුහවල අවශ්‍යතාව පිළිබඳව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති, ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.