ශ්‍රී ලංකාවේ 12වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

අගෝ 23, 2020

    ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

    කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක්.

    මියගොස් ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

    ඇය ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු මියගොස් තිබේ.

    මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Last modified on ඉරිදා, 23 අගෝස්තු 2020 10:12

    Latest News