රතන හිමි පොලීසියට ප්‍රකාශ ලබාදීම මගහරින බවට චන්ද්‍රසිරි හිමියන්ගෙන් චෝදනා

අගෝ 23, 2020

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොලීසියට ප්‍රකාශයක් දීම මගහරමින් සිටින බවට අපේ ජන බල පක්ෂයේ, මහ ලේකම් හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් චෝදනා කරයි.

    උන්වහන්සේ ඒ බව කියා සිටියේ, මහ ලේකම් හිමියන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත අද පැමිණි අවස්ථාවේදී.

    අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමල තිස්ස හිමියන්, පැහැරගෙන යාමේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී අද ප්‍රකාශ ලබා දුන්නේය. ඒ පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒ සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අද පෙරවරුවේ පැමිණ සිටියේ නැත. උන්වහන්සේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පස්වරු 4.00ට පමණ

    Latest News