නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයට විද්වත් මණ්ඩලයක්

අගෝ 23, 2020

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පසුගිය දා රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවුණි.

    එහිදී නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණු අතර ඊට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළුව අමාත්‍යවරුන් 5 දෙනෙකු පත්කෙරුණි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම මෙම අනු කමිටුවට අදාළ ප්‍රධාන කාර්ය වේ.

    ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලුවල සංශෝධනයන් සිදුකිරීම, නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදුකරන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

    Latest News