සරසවි කඩයිම් ලකුණු හැකි ඉක්මණින් නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි

අගෝ 23, 2020

    විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු විගස සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

    එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා 36ක් සඳහා ප්‍රවීණතා විභාග පැවැත්වෙන බවයි.

    ඉන් බහුතරයක් පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

    කඩයිම් ලකුණු නිකුත් කිරීමට එම විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම අනිවාර්ය වේ.

    මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, එම ප්‍රතිඵල ලැබුණු පසු කඩිනමින් කඩයිම් ලකුණු නිකුත් කිරිමට පියවර ගන්නා බවයි.

    Latest News