මීගහතැන්න නගරයට බස් මගී ආවරණ දෙන්න, මගීන් මැසිවිලි නගති

ජන 08, 2019

    මාර්ග පද්ධතිය අළුත්වැඩියාවන් සඳහා කඩා ඉවත් කළ බස් මගී ආවරණ කලක් ගත වුවත් නැවත ඉදිකර නොමැත.

    වසර කීපයකට පෙර මීගහතැන්න නගරයේ බස් මගී ආවරණ 4 ක් තිබී ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න නගරය වළල්ලාවිට, පැලවත්ත සහ මතුගම දක්වා විහිදෙන ප්‍රධාන මාර්ගයන් තුනක් එකිනෙක සම්බන්ධ වන අධික ජනාකීර්ණ නගරයකි. විශාල මගී පිරිසක් දිනපතා මීගහතැන්න නගරයට එක්රැස් වුවද මෙම මගීන් සඳහා බස් මගී ආවරණ (Bus Halt) නොමැති වීම ප්‍රබල අඩුපාඩුවක් වී ඇත.

    මේනිසා නගරයට පැමිනෙන ජනතාවට දැඩි හිරු රැසින් සහ වර්ෂාවෙන් පීඩා විඳීමට සිදුව තිබේ. බස් රථ පැමිනෙන තුරු වාඩීවී සිටීමට සෙවනක් හෝ වෙනත් සුදුසු ස්ථානයක්ද මීගහතැන්න නගරයේ නොමැති අතර බඩු මලු ඔසවාගෙන මහාමාර්ගය දෙපසට වී බස්රථ පැමිනෙන තුරු බලා සිටීමට සිදුවී ඇත. ප්‍රථිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගීන් හට විවිධ අපහසුතා විඳිමින් කඩපිල් වල හෝ පාර දෙපස බිම වාඩිවී සිටිමට සිදුව ඇත.

    මීගහතැන්න මං සන්ධියේ පෙර තිබූ බස් රථ මගී ආවරණ (Bus Halt) යලි ඉදිකිරීමට හෝ මීගහතැන්න නගරයට බස් නැවතුම්පොළක් (Bus Stand) කඩිනමින් ඉදිකර දෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 11:07

    Latest News