දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ දිගටම

ජන 08, 2019

    දරුවන්ගේ පොෂණය වර්ධනය කිරීමට ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

    දේශීය තරගකාරී වෙළෙඳපොළ ජය ගැනීමට ත්‍රිපෝෂ සමාගම මේ වන විට සමත් වී තිබේ. විවිධ හේතු මත ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත්, දරුවන් මෙන්ම ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බව සෞඛ්‍ය අංශ පවසයි. එමනිසා අඛණ්ඩව ඔවුන්ට ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ත්‍රිපෝෂ ආයතනය පසුගිය කාලයේ නව ආයෝජනයක් ලෙස සුපෝෂ වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

    එමගින්, වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට ද හැකිවිය. ත්‍රිපෝෂ සමාගමේ නව සභාපති ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී.ජී.එස්.ගුණතිලක මහත්මිය ඊයේ රාජකාරී ආරම්භ කළාය. ඒ ත්‍රිපෝෂ සමාගමේ ජා - ඇල ප්‍රධාන කාර්යාලයේ දීය.

    Latest News