පාසල් හී ආපනශාලා විවෘත කිරීමට අවසර

සැප් 09, 2020

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමීව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

    මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට හා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

    රෝග වැළැක්වීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදිමින් (14) දින සිට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවසර ලබා දී ඇත.

    පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට ද නිර්දේශ ලබා දී තිබේ.

    කෙටි විවේක කාලය තුළ පාසල් ආපන ශාලාවලට සිසුන් විශාල වශයෙන් පැමිණීම වැළැක්වීම සඳහා විදුහල්පතිවරුන්, හා ගුරුමණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුය.

    උදෑසන කාලයේ දී පන්ති වලින් ඇණවුම් ලබාගනිමින්, එම ඇණවුම් අනුව පන්ති මට්ටමින් ආහාර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හෝ එවැනි වෙනත් වැඩපිළිවෙළක් මගින් සිසුන් එක්රොක්වීම වැළැක්වීමට හැකිනම් පමණක් විදුහල්පතිවරුන් විසින් තම විද්‍යාලයන්හි ආපනශාලා 14 වැනිදා සිට පවත්වාගෙන යායුතු බව ද මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    Latest News