සහන මිලට එළවළු මල්ලක් - වටිනාකම රුපියල් 700 ක්

සැප් 09, 2020

    එළවළු වර්ග 6ක් සහිත රුපියල් 700ක වටිනාකමකින් යුතු එළවළු මල්ලක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා හදබිම එක්ව රුපියල් 350කට ලබා දීමේ වැඩසටහනක් අරඹා ඇත.

    කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග හය එක් වර්ගයකින් ග්‍රෑම් 500 බැගින් සමන්විත එළවළු මල්ලට ඇතුළත් කර තිබේ. ]

    කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6 කදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් සහනදායී මිලට එළවළු මල්ල අලෙවි කෙරේ.

    මීට අමතරව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3ක දී සහන මිලට එළවළු අලෙවි කරනු ලබයි.

    Latest News