මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,234ක්

සැප් 14, 2020

    මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙක්,කටාර් හි සිට පැමිණි 16 දෙනෙක්, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 06දෙනෙක් සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනා ගෙන තිබේ.

    තායිලන්තයේ සිට පැමිණි යුක්ක්‍රේන ජාතිකයෙක් සහ ඉතියොපියාවේ සිට පැමිණි අයෙක්, රතු මුහුද ආශ්‍රතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ආසාදිතයන් අතර වන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 226 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 11:37

    Latest News