බූස්ස සිරකරුවන්ගේ ආහාර වර්ජනය අවසන් (වීඩියෝ)

සැප් 14, 2020
  • බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විශේෂ ගණයේ සිරකරුවන් සිදු කළ ආහාර වර්ජනය අද අවසන් කළේය. 

    සිරකරුවන් 45 දෙනෙකු පළමුවෙන් මෙම වර්ජනයට එක්ව සිටියත්, අද වනවිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියේ 13 දෙනෙකු පමණි.

     

    පසුගියදා බෝගම්බර බන්ධනාගාරය පැවති පරිශ්‍රයේ නිරීක්‍ෂණයකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද සඳහන් කළේ, උපවාස කරන සියලු සිරකරුවන් දින කිහිපයක ඇවෑමෙන් ආහාර ලබාගනු ඇති බවයි.

     

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද (14) කියා සිටියේ, බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතය ඉතා අවම කිරීමට හැකිවී ඇති බවයි. 

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 20:43

    Latest News