උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අවසන්

සැප් 15, 2020

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදි (15) දිනයෙන් අවසන් වෙයි.

    සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.

    ඒ අනුව www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබිණ.

    එලෙස ඉදිරිපත් වන අභියාචනා සැලකිල්ලට ගනිමින් සුදුසුකම් ලබන උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීමට අපේක්ෂා කරන බව, එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    අද දිනයේදී ද ඕනෑම පුද්ගලයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

    Latest News