6ක් ඝාතනය කළ 2ක් එල්ලුම් ගහට

ජන 10, 2019

    1999 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශය පුද්ගලයින් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

    බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මිගෙල් ජූලිගේ ප්‍රසන්න පෙරේරා සහ සම්පත් ප්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

    1999 වසරේ සැප්තැම්බර් මස දොළොස් වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ වාහනයක් තුළ පුද්ගලයින් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම  සහ  ඊට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ ප්‍රසන්න පෙරේරා සහ සම්පත් ප්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු වන බවයි. ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සෙසු විත්තිකරුවන් දෙදෙනා වන නිදොස් කොට නිදහස් කිරීමට ද නියම කළේය.
     
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 17:03

    Latest News