අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවති. ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහොත් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
මේ අතර කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 12 දක්වා ආසන්න වි ඇති අතර, තවදුරටත් වැසි ලැබුණහෙත් කාසල්රි ජලාශයද වාන් දැමිම සිදුවේ. නෝර්ට්රන් බ්‍රිච්, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමිමට පටන්ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇත.