පොත් ප‍්‍රදර්ශනයේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලට ජනතාවගෙන් පැසසුම්

සැප් 21, 2020

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (21) සිව් වන දිනයයි.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනයේදී විශාල පිරිසක් ප‍්‍රදර්ශන භූමියට පැමිණියේය.

    එසේ පැමිණ සිටි පිරිස් සඳහන් කළේ මෙය සෞඛ්‍ය ආරක්ෂිත පොත් ප්‍රදර්ශනයක් ලෙස හඳුන්වාදිය හැකි බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන ආකාරය දැක ගත හැකියි. ඒ නිසාවෙන් සැකයක් නොමැතිව පොත් ප්‍රදර්ශනය හා එක්වන ලෙස අනෙක් අයටත් ආරාධනා කරන බවයි මෙහි පැමිණ සිටි පිරිස් කියා සිටින්නේ.

    Latest News