මහනුවර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් විධිමත් නැතැයි හෙළිවෙයි

සැප් 21, 2020

    මහනුවර,බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්,විධිමත් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    එහි මහනුවර දිස්ත්‍රික් භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය මහතාගෙන් අප කළ විමසීමක දී මේ බව ප්‍රකාශ කළේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ,සුන්බුන් ඉවත් කිරීම දෙවැනි දිනටත් අද සිදු කෙරිණ.

    එම කටයුතු ඊයේ පස්වරුව වන තුරුම සිදු කෙරුණු අතර, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එය අතරමැද නතර කෙරුණ ද යළිත් අද උදෑසන සිට එම කටයුතු ආරම්භ කර තිබේ. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ අදත් සිදු කිරීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ ස්ථානයට අද පැමිණියේය. ඔහුගේ මූලිකත්වයෙන් මේ පිළිඳව විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.

    Latest News