අධිබලැති විදුලි කණුවක් කඩා වැටී නෝටන්බ්‍රිජ් විදුලිය ඇණ හිටී

සැප් 21, 2020

    අධි බලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිමෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට විදුලිය ඇණ හිටි තිබේ.

    එක් නිවසකට ද අලාභ හානි සිදුව ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

    කඩා වැටි ඇති විදුලි කණු සහ විදුලි රැහන් අලුත්වැඩියා කිරිම් කටයුතු කඩිනමින් ආරම්භ කර විදුලි බලය යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසයි.

    මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විලමසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතියි.

    Latest News