මඳුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඬිගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ණයට

සැප් 21, 2020

    ඉදිවෙමින් පවතින මඳුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඬිගම මාර්ගයේ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ නිරීක්ෂණයට අද ලක්විය. 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීමකට අනුව, මෙම මාර්ගය ඉදි කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමා පසුගියදා මඳුරන්කුලිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.  ඒහිදී මාර්ගය ඉදිකර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටියේය.  ජනාධිපතිතුමා, ඒම අවස්ථාවේදීම මාර්ගය ඉදිකරන ලෙස අදාළ අංශ දැනුවත් කළේය.

     

    ඒ් අනුව මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කෙරිණ.  වසර ගණනාවක් අබලන්ව පැවති මෙම මාර්ගය කිසිදු රජයක් ප්‍රතිසංස්කරණය කර නොමැත.  ඒම නිසා ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටියේය. “කිලෝමීටර් ලක්ෂයක් - මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන” යටතේ ක්‍රියාත්මකයි.

     

    අධික වර්ෂාවට මෙම මාර්ගය ජලයෙන් යටවේ.  එබැවින් උසස් ප්‍රමිතියෙන් ඒය ඉදිකිරීමට උපදෙස් දුන් බව, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

     

    සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News