බෑවුම් බිම්වල ඉදිකිරීම් අවදානමක් නම්, තාක්ෂණික උපදෙස් ලබාගන්න - මහාචාර්ය අතුල සේනාරත්න (වීඩියෝ)

සැප් 21, 2020
  • වසර 10කට පෙර බෑවුම් බිම්වල සිදු කළ ඉදිකිරීම්වල පදිංචිකරුවන්ට තම ගොඩනැගිලි සම්බන්ධයෙන් අවදානමක් තිබේ නම් ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තාක්ෂණික උපදෙස් ලබාගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා දැනුම් දෙයි.

    ඔහු මේ බව කියා සිටියේ, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු නිවස නිරීක්ෂණය සඳහා අද (21) පැමිණි අවස්ථාවේ. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් නිවස, ඊයේ අලුයම 5ට පමණ කඩා වැටී තිබුණේ, ඊට පහළින් තිබූ හෝටලයක් මතටයි. 

    ඉන් ඒම හෝටලය පවත්වාගෙන ගිය ඒකම පවුලේ මව, පියා සහ බිළිඳාට දිවි අහිමිවිය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද සිදු කෙරිණ.

    පස් මහල් නිවස, දොඩම්වෙල - නාථ දේවාලයේ හිටපු බස්නායන නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් ඒකක්. පොලිසිය ඊයේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

    මියගිය තිස් දෙහැවිරිදි අචලා ඒ්කනායක, ඇගේ සැමියා වන තිස්පස් හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේ දී සිදු කෙරිණ.

    අනතුරුව දේහයන් ඥාතීන්ට බාරදුන් බව, රෝහල් අධ්‍යක්ෂවරයා අප කළ විමසීමකදී කියා සිටියේය.  මේ අතර සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය සඳහා අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැමිණියේය.  ඔහුගේ මූලිකත්වයෙන් මෙය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව අප වාර්තාකරු පවසයි.

    කඩා වැටුණු නිවස මහනුවර මහ නගර සභාව මගින් අනුමත කළ සැලසුමට අනුව ඉදිකර තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව, මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.  නගර සභාවේ, නියෝජ්‍ය කොමසාරිස්, ඉංජිනේරු අංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ අධිකාරිය ඒ්කාබද්ධව මෙම පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද සවස සාකච්ජාවක් පැවැත්විණ. ඒ්, ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මේ සඳහා ගොඩනැගිලි පර්යේෂණායතනය, මහනුවර නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් හා දැනට ඉදි කෙරමින් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආණ්ඩුකාරවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 20:07

    Latest News