පසුගියදා මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත්වල පළ වු වාර්තාවන් පාදක කොට ගෙන මෙම කමිටුව පත් කළ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී. පී. එස්. ජේ. කුමාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර විගණන කළමනාකරු ඉන්දික රණසිංහ, සපුගස්කන්ද පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකාර (විදුලි සහ උපකරණ) එල්. ජී. එම්. ආර්. පෙරේරා යන මහත්වරුන්ය.
මෙම කමිටු වාර්තාව දින තුනක් ඇතුළත අමාත්‍යතුමන් වෙත ලබාදිය යුතු අතර කමිටු වාර්තාවට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලශක්ති අමාත්‍යතුමන් පියවර ගනු ඇති.