රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති; මහාචාර්ය තිස්ස විතාරණ 

සැප් 23, 2020

    පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත් කෙරිණ.

    ඒ අද පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීමේදී. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින්. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය ස්ථිර කළේය. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන තිස්ස විතාරණ මහතා කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් ද හෙබවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඔහු මෙවර පාර්ලිමේන්තුවට නම් කෙරිණ.

    Latest News