කුඩා පරිමාණ පාලම් ව්‍යාපෘතියක්

සැප් 23, 2020

    දහසකුත් කම්කටොලු හා ගැටලු මධ්‍යයේ ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සංවර්ධනය ගමට ගෙන යන දවස වැඩි ඈතක නොවේ.

    එහි පෙරමං ලකුණු සටහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එම ගමනයට දායකත්වය සැපයීමට එක්ව සිටී. ක්‍රමවත්ම ඉදිවුණු පාලමක් නොමැතිකමින් දුක් විඳින මිනිසුන් ජීවත් වන ගම්මාන බොහොමයක් අපේ රටේ තිබේ. ඔවුන්ගේ එම අවශ්‍යතා ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ ඉදිරිපත්ව සිටී. ඒ විදුලි කණු උපයෝගී කරගත් කුඩා පරිමාණ පාලම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින්.

    ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ලැබී තිබේ. රජයේ ප්‍රතිපාදන නොමැතිව, අඩු වියදම් සවි ශක්තියෙන් යුත් පාලම් ග්‍රාමීය වශයෙන් ඉදිකිරීම ඔවුනේ ගේ අපේක්‍ෂාවයි.

    එම කාර්යයට ජනතාවගේ ප්‍රශංසා දැනටමත් හිමිව තිබේ. මිනිස් ජිවිත තර්ජනයට ලක් කරන අවදානම් හෝ ඒ දඬු පාලම් වෙනුවට සවි ශක්තිමත් පාලම් දිවයින පුරා ඉදිකිරීමට ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ කටයුතු කරයි.

    Latest News