විද්‍යාපීඨ අයැදුම්පත් හී වැරදි නිවැරදි කිරීමට දින 4ක්

සැප් 25, 2020

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයැදුම්පත් යොමු කිරීමේ දී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සදහා දින 4 ක කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

    ඒ අනුව හෙට (26) සිට ලබන 30 වනදා දක්වා ඒ සදහා අවස්ථාව සැලසෙනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිස එම දෝෂ නිවැරදි කළ හැකියි.

    තම උසස් පෙළ විභාග අංකය ඇතුළත්කර තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකිරීමේ හැකියාව පවතින බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News