භික්ෂූන්ගේ ඉංග්‍රීසි - පරිගණක - තාක්ෂණික දැනුම වර්ධනයට පියවර

සැප් 25, 2020

    භික්ෂූන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනයට පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවේ.

    ඒ සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    දහම්පාසල්, භික්ෂූ අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    එහිදී මේ පිළිබද අවධානය යොමු කෙරුණු අතර, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් වැටුප් සහ දීමනා ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

    Latest News