මෛත්‍රී සාක්ෂි දීමට පාස්කු කොමිසමට පැමිණෙයි

ඔක් 05, 2020

    මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටයි.

    ඒ අද දින (05) පැමිණෙන ලෙස පසුගිය සැප්තැම්බර් 22 වනදා ඔහුට කළ දැනුම් දීමට අනූවයි. 

    කෙසේ වෙතත් ඒ මහතා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙනවිට ඊට සවන්දීම සඳහා මීට පෙර වාර කිහිපයක් පාස්කු කොමිසට පැමිණියේය.

    මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිදීම සඳහා හෙට (06) දින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතය.

    Latest News